පවතින තත්ත්වය මත, ඉන්ධන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති විය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අනුව, ඩීසල් තොග දින 33 කට ද, පෙට්‍රල් තොග දින 27 කට ද, ගුවන් යානා ඉන්ධන තොග දින 49 කට ද, බොරතෙල් තොග දින 44 කට ද ප්‍රමාණවත් වන පරිදි පවතින බව අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

මෙරට ඉන්ධන ගබඩා කිරීම සඳහා කොළොන්නාව හා මුතුරාජවෙල ගබඩා සංකීර්ණවල ධාරිතාව වන්නේ මෙට්‍රික් ටොන් 150,000 ක් පමණක් බවත්, එය පුරවාගෙනම සිටීමට නොහැකි බැවින් ඊළඟ ඉන්ධන නැව පැමිණෙන විට එයින් යම් ප්‍රමාණයක් හිස් කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.