දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම නිවේදනය 2026 නොවැම්බර් 28 වැනිදා පස්වරු 4.00 සිට 2026 නොවැම්බර් 29 වැනිදා පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දන්වා ඇත.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා පස්සර, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර හා බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, තුම්පනේ, හතරලියද්ද, උඩපළාත, ගඟ ඉහළ කෝරලය, දොලුව හා උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දන්වා තිබේ.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට හා රඹුක්කන, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැඟෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව කෝරළය හා තලවකැලේ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී ඇත.