දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන Industry Recovery Foster Program (IRFP) හා එම කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන Industry Development Foster Program (IDFP) පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙම වැඩපිළිවෙළ රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ පුමුඛ පෙළේ ආයතන කිහිපයක් වන Toyota Lanka, Tokyo Cement, MAS Holdings, Brandix Lanka, Aitken Spences, Expo Lanka Holdings, John Keels Holdings, Ceylon Agro Industries, The Disel and Motors Engineering, Unliver Srianka, Prima Ceylon, Nestle Lanka, Hemas Holdings, Browns, CBL සහ Cargills යන ආයතනවල සභාපතිවරු, විධායක අධ්‍යක්ෂකවරු හා ඔවුන්ගේ නියෝජිතයන් සහභාගී වුණා.

එහිදී නිෂ්පාදන, ඉංජිනේරු, හා ප්‍රවාහන හැකියාවන් සහිත ආයතන වලට කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ලබා දීම සිදු කළ අතර මෙවැනි ආපදා අවස්ථාවක පුද්ගලික අංශය වශයෙන් සහයෝගය ලබා දීම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් ස්තුතිවන්ත වන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ප්‍රකාශ කර සිටියා.

‎‎ඒ අනුව බිඳවැටුන මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය තාක්ෂණික හා කළමනාකරණ සහාය මෙම ආයතන විසින් ලබා දීමට නියමිත අතර මෙම සමස්ත ක්‍රියාවලිය ගොඩනැගීමේ වැඩසටහන ඉදිරි දින 30 ඇතුළ ක්‍රියාත්මක වන අතර එහි මෙහෙයුම් කමිටුව එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක වනු ඇත.