ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් අනියම් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇති චෝදනාවක් මත, තුසිත හල්ලොලුව මහතාට ජුනි මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත වීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග නිකුත් කර තිබේ.