බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. අද (14) උදෑසන 10ට පමණ ජූලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ ඇති අතර, ඇය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බව සඳහන්ය.
