ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කර්මාන්ත හා විවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(14) පැවැත්වුණා. ජාතික ආර්ථිකය ඉහල නැගීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායි ලෙස මෙහෙයවීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණය ව්‍යවසායකයන් දීමත් කිරීම සඳහා රජය මූලික ආයෝජන සිදුකිරීම සහ ඒවා නිසි ලෙස නියාමනය කිරීම, ආයෝජන කලාප ආශ්‍රිත දේශිය කුඩා පරිමාණ කර්මාන්ත බිහි කිරීම සහ සුළු හා මද්‍ය පරිමාණ ව්‍යවසායකයා මුහුණ දෙන ව්‍යාපාර ණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.