වහල මත අලුතින් සූර්ය බල පද්ධති සවිකරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ගබඩා කරන බැටරි මිලදී ගැනීම සඳහා රුපියල් 250,000ක් දක්වා සහනාධාරයක් ලබාදීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබේ. එය බැටරි සහිත සූර්ය බල පද්ධතියක් ‘නෙට් ප්ලස්’ ක්‍රමය යටතේ සවිකරන ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහාය.

බැටරියේ ගබඩා ධාරිතාව අනුව සහනාධාරය ගණනය කිරීමටත්, උපරිමය රුපියල් 250,000කට සීමා කිරීමටත් යෝජිතය. වැඩසටහන සඳහා රුපියල් මිලියන 3,500ක් වෙන් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබේ. සූර්ය විදුලිය ගබඩා කිරීමට භාවිත කරන ආනයනික බැටරි සඳහා අය කරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ඉවත් කිරීම ද එම යෝජනාවලට ඇතුළත්ය.

අයදුම්පත් භාරගැනීමේ දිනය සහ සහනාධාරය ලබාදෙන ක්‍රමවේදය අයවැය කතාවේ සඳහන් වී නැත.