නීත්‍යානුකූල අවසරයකින් තොරව ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා අද (11) වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එහි සැකකාර කස්සප හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව වාර්තා වේ.
පොලිසිය විසින් මෙම නඩුවේ සැකකරුවන් ලෙස පුද්ගලයින් 14 දෙනෙකු අධිකරණයට නම් කර ඇති අතර, බලංගොඩ කස්සප හිමි එහි දෙවැනි සැකකරු ලෙස නම් කර ඇත.
මේ අතර, මෙම නඩුවේ සැකකරුවන් 9 දෙනෙකුට හෙට (12) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙන අතර, නඩුව ලබන ජනවාරි මස 6 වැනි දා යළි කැඳවීමට නියමිතය.
