ඔපෙක් තෙල් අපනයන රටවල සංවිධානයෙන් ඉවත්වීම සලකා බලන්නැයි ඇමෙරිකාව ඉරාකයට සහ වෙනිසියුලාවට බලපෑම් කර ඇති බව Reuters විශේෂ වාර්තාවක් අනාවරණය කර තිබේ.

අදාළ සාකච්ඡා ගැන දන්නා පාර්ශ්ව උපුටා දක්වමින් වාර්තාව පවසන්නේ, තෙල් නිෂ්පාදනය සහ ආයෝජන පුළුල් කිරීමේ ඇමෙරිකානු උත්සාහය සමඟ මෙම යෝජනා බැඳී තිබූ බවය.

ඉරාක තෙල් අමාත්‍යාංශය එයට විරුද්ධ වී, සංවිධානය තුළ රැඳී සිටිමින් වැඩි නිෂ්පාදන කෝටාවක් ඉල්ලා සිටීම යෝජනා කර ඇතැයිද සඳහන් වේ.