ඉරානය සමඟ පවතින යුද්ධයට අදාළ අමෙරිකානු වියදම් ඩොලර් බිලියන 48 ඉක්මවා ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවය වාර්තා කර තිබේ.
යුද මෙහෙයුම් සඳහා දරන වියදම්වලට අමතරව, මැදපෙරදිග පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට සිදු වූ හානි පිළිබඳ සම්පූර්ණ වියදම් තක්සේරු ප්‍රසිද්ධ නොකිරීම සම්බන්ධයෙන්ද මේ වන විට ප්‍රශ්න මතුව ඇති බව සඳහන් වේ.
මේ අතර, හමුදා කඳවුරුවලට සිදු වූ හානි සහ ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වන මුදල් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දෙන ලෙස ඇතැම් අමෙරිකානු නීති සම්පාදකයෝ ඉල්ලා සිටිති.
මෙම තත්ත්වය යුද්ධයේ සැබෑ මූල්‍ය බර සහ රාජ්‍ය වියදම් පිළිබඳව අමෙරිකාව තුළ නව දේශපාලන විවාදයකට හේතු වී ඇති බවද වාර්තා වේ.


