අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව, නීතිය ක්‍රියාත්මක කිරීම සහ අපරාධ මර්දන ක්‍රියාවලියට බාධා කිරීමේ උත්සාහයක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (21) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පසුගිය කාලයේ පොලීසිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතිය වේගවත්ව ක්‍රියාත්මක වීමත් සමඟ ඒවාට සම්බන්ධ අමාත්‍යවරුන් සහ නිලධාරීන් විපක්ෂයේ ඉලක්ක බවට පත්ව ඇති බවයි.
අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම, විදේශගතව සිටි පාතාල සැකකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සහ අල්ලස් කොමිසමේ විමර්ශන කඩිනම් කිරීම හේතුවෙන් විපක්ෂය කලබල වී ඇති බවද ඔහු පැවසීය.
එම තත්ත්වය හමුවේ විපක්ෂය විශ්වාසභංග යෝජනා ගෙන ඒම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ සිදු කරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කළේය.





