සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ඒකාබද්ධ කිරීම හෝ එහි පරිපාලනය පුද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම නොමඟ යවන සහ අසත්‍ය බව ඔහු අවධාරණය කළේය.
සේවකයන්ගේ දහඩිය මහන්සියෙන් උපයා ඉතිරි කරන මුදල් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය සඳහා වැදගත් වන බැවින්, එම අරමුදල් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
EPF සහ ETF හි මුදල් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවත්, එම අරමුදල් වඩාත් කාර්යක්ෂමව පරිපාලනය කර සේවකයන්ට වැඩි ප්‍රතිලාභ ලබාදීම සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බවත් ඔහු පැවසීය.
අරමුදල් සම්බන්ධ ඕනෑම යෝජනාවක් පාරදෘෂ්‍ය ලෙස සාකච්ඡා කරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසද සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

