පොත්වල වැරදි 147 ක් ඇතැයි විපක්ෂනායක රටේ දෙමාපියන් බය කළ බව ඊයේ (02) දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මැයෙන් පැවති සාකච්ඡාවේදී රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වාදීමේ වැඩ පිළිවෙල ජනාධිපතිතුමා විසින් කල්දැමිමට පෙර මේ සම්බන්ධව කළ සමික්ෂණයේදී එක් ප්රවෘත්ති නාලිකාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රවෘත්තිවලින් 80% පමණ ඇත්තේ එයට එරෙහිව බවත්, ඒ සමාන තවත් නාලිකාවක මෙම ප්‍රතිශතය 77% ක් බවත්, එය සත්‍ය මතය නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම නාලිකා ගැනත් ඊට එකතුවි සිටින කණ්ඩායමත් ගැන බැලුවිට පෙනෙන දෙය මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවිමට තිබු වෙනසට එරෙහි දුෂ්ඨ කුමන්ත්රණයක්ය යි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකළේය.
එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>





