ඕනෑම කෙනෙකු සමග පිළිවෙලකට ගමනක් යාමට හැකි නම් සිය පාර්ශවය ඊට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඒ සඳහා මූලිකත්වය ගන්නා පුද්ගලයා කවුරුන්ද යන්න ගැටලුවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දොඩම්ගස්ලන්ද, කහටගහ මිනිරන් පතල් සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මේ බව සඳහන් කළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැදවූ සාකච්ඡාවකට තමන් සහභාගී නොවුනේ මන්දැයි එහිදී මාධ්‍යවේදියෙකු විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර ඊටද අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා. 

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැඳවූ සාකච්ඡාවට අමාත්‍ය විමල් වීරවංශ සහභාගී නොවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය උදය ගම්මන්පිලගෙන්ද මාධ්‍යවේදීන් විමසීමක් කළා. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඉකුත්දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  අනුරාධපුරයේ අද පැවති මාධ්‍ය හමුවකදීද යළිත් අදහස් පළ කළා.