චීනයේ මහ බැංකුවෙන් ලබාගැනීමට නියමිත ඩොලර් බිලියන 1 යි දශම 5 මුදලෙන් මෙරට ඩොලර් සංචිත පවත්වාගෙන යාමට පිටුවහලක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සදහන් කළේ ඩොලර් සංචිත පවත්වාගෙන යාමට එය කෙටිකාලින විසදුමක් වනු ඇති බවයි.

අතමාරු ක්‍රමය යටතේ ලබාගැනීමට නියමිත මෙම මුදල දේශීය බැංකු හරහා අවශ්‍ය ඩොලර් සංචිත පිහිටුවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවට වාර්තා වන බවද ඔහු සදහන් කළා.

අතමාරු ක්‍රමය යටතේ ලබාගැනීමට නියමිත ඩොලර් බිලියන 1 යි දශම 5 ක මුදල ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතු කාලය පිළිබදව අපැහැදිලි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් සදහන් කළේ.