තුන් වේල කෑමට නොහැකි ජනතාවට ප්‍රථමයෙන් සහන සලසන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඒ, ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවති පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානින් අතර හමුවේදීයි.

තමන්ට ඡන්දය ලබාදුන්නේ එවැනි පුද්ගලයන් බවත් ඔවුන් හාල් කිලෝවක් මිලදී ගැනීමට නොහැකිව බඩගින්නේ සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ප්‍රථමයෙන් ඔවුන්ට සහන සැලසිය යුතු බවත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදීත් කටයුතු සිදුවූයේ ඒ ආකාරයට බවත් ඔහු පෙන්වා දෙනවා.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල පාලනය තම ප්‍රථම අරමුණ බවත් ඒ සඳහා තමන්ට උදව් අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.