ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද(18) පැවැත්වේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ එහිදි සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර, විශ්වාසභංගය පරාජය කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ සියලු දෙනා ඡන්දය භාවිතා කරන බව සභානායක, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.