කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් විමල් වීරවංශ මහතා කටතු කරනු ලබන අතර කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කරනු ලැබේ.

මේ අතර වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ඊයේ පත් කරනු ලැබිණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා නිලයෙන් විශ්‍රාම ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.