ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ලෝක වෙළෙඳපොලේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු බව ගෑස් සමාගම් විසින් ඉල්ලීමක් කර තිබුණි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 500 කින් පමණ ඉහළ දැමිය යුතු බවටයි අදාළ සමාගම් විසින් ඉල්ලීමක් කර ඇත්තේ.

ඒ අනුව ගෑස්මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ වෙළෙඳ අමාත්‍යංශයේදී පවත්වා තිබේ. එහිදී ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර අද දිනයේ ද යළි රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.