සුදු ළූණු ආනයනයේදී සහ බෙදාහැරීමේදී වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධියට අදාළව සිදුකර ඇති ප්‍රකාශ මගින් තම කීර්තිනාමයට සහ දේශපාලන ජීවිතයට හානියක් සිදුවී ඇතැයි සඳහන් කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් පසුගිය දා ඉල්ලා අස්වූ පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් වූ තුෂාන් ගුණවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට සඳහන් කරමින් නීතිඥයෙකු මාර්ගයෙන් ලිපියක් යවා තිබේ.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අදාළ ලිපිය නීතිඥයෙකු මාර්ගයෙන් තුෂාන් ගුණවර්ධන මහතා වෙත යොමුකර ඇති අතර සුදු ළූණු වංචාවට අදාළව හිටපු අධ්‍යක්‍ෂවරයා සිදුකර ඇති ප්‍රකාශය මගින් එලෙස තම කීර්තිනාමයට සහ දේශපාලන ජීවිතයට හානියක් වූ බවට අදාළ ලිපියේ සඳහන් කර ඇති අතර කීර්තිනාමයට සහ දේශපාලන ජීවිතයට සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉතා ඉක්මනින් ගෙවන ලෙසත් එහි සඳහන් කර ඇත.

යම් හෙයකින් එය ගෙවීමට අපොහොසත් වුවහොත් එය අයකර ගැනීම සඳහා වන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අදාළ ලිපියෙන් සඳහන් කර තිබේ.