දින 11 සටන් විරාමය අවසන් කරමින් ඊශ්‍රායලය ගසා තීරයේ හමාස් සටන් කාමීන්ගේ ඉලක්ක වෙත යළි ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කර ඊශ්‍රායල ආරක්ෂ අංශ ප්‍රකාශ කළේ ගසා තීරයේ දිගින් දිගටම එල්ලවන ත්‍රස්ත ක්‍රියා හමුවේ එම ප්‍රහාරය එල්ල කළ බවයි. පලස්තීනයෙන් ගිනි අවුලවන බැලූන දකුණු ඊශ්‍රායලයට එවීම ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආසන්නතම සිදුවීම ලෙස විදෙස් වාර්තා අනාවරණ කර තිබෙනවා.

ඉකුත් මැයි මස මුල සිට 21වනදා දක්වා කාලය තුළ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ළමුන් 66 දෙනෙකු ඇතුලු පලස්තීනුවන් 256 දෙනෙකු මිය ගියා. පලස්තීනය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 12 දෙනෙකු ද මිය ගිය බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.