ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වෙන ලෙස කිසිදු පාර්ශ්වයක් දැනුම්දී නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. 

අද (24) කොළඔ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“නෑ..නෑ එහෙම කවුරුත් අපිට යන්න යන්න කියලා නෑ. අද නායකතුමා නැත්තේ එතුමා අත්‍යවශ්‍ය කාරණාවකට පොළොන්නරුවේ ගිහින් නිසා.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් දිවංගත ධර්මසිරි සේනානායකගේ 21වන ගුණ සමරු උත්සවය අද කොළඔ 08, දේවී බාලිකා විදුහල අසල පිහිටි එතුමන්ගේ ස්මාරකය අභියසදී පැවැත් වුණි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ.