සමාජ මාධ්‍ය තහනම් කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඔහු පැවසුවේ සමාජ මාධ්‍ය මර්දනය කිරීමට හෝ පාලනය කිරීමට මේ වන තෙක් කිසිදු නීතියක් මෙරට නොමැති බවයි.

සිදුවන බොහෝ දේට සමාජ ජාලා හා වෙබ් අඩවි වගකිව යුතු බව සදහන් කළ අමාත්‍යවරයා පැවසුවේ චීනයේ කිසිදු සමාජ ජාලා අඩවියක් නොමැති බවයි.

තමන් කැබිනට් මණ්ඩලය තුළද නිතරම මේ පිළිබදව සාකච්ඡා කරන බව පැවසූ අමාත්‍යවරයා අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටියේ මෙය තහනම් කිරීමට හෝ නියාමනය කිරීමට හඩක් නගන ලෙසටයි.