කොළඹ පැවති ගුරු – විදුහල්පතිවරු විරෝධතාවයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබේ.

ඒ, සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරුවන් අද (5) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි.

මේ අතර, වැටුප් විෂමතා ගැටලුවට සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන්, අඛණ්ඩව අරගලයේ නිරතවන බව ගුරු- විදුහල්පති සංගම් පවසයි.