වයස අවුරුදු 16ට අඩු ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවය.

මේ අතර මෙහෙකාර සේවය අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන ඊට අදාල සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.