රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම අගෝස්තු මස 31 වනදා දක්වා තාවකාලිකව ඉවත්කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති වශයෙන් කටයුතුකරමින් සිටියදී එම කොමිසමට අයත් රුපියල් මිලියන පහක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණයකළේ යැයි චෝදනාකරමින් ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩුවක් අද (13) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එම නියෝගය කර තිබුණි.

විදේශ ගමන් තහනම ඉවත්කරමින් නිකුත්කළ එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුවත්කිරීමට පියවරගන්නා ලෙස මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.