කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් තොරව ඇතැම් පාර්ශව ප්‍රාථමික මට්ටමින් තීන්දු ගෙන කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“සියලු ම නිරෝධායන නීතිරීතී උල්ලංඝණය කරමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය දැක්වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙරට අධිකරණය සහ අධිකරණ පද්ධතිය තීන්දු ගන්නා අතර ඒ තුළින් අසාධාරණයක් වී තිබේ නම් ඒ වෙනුවෙන් ඔවුන්ට කටයුතු කිරීමට පැහැදිලි අවකාශයක් තිබෙන,” බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

“43 ලක්ෂයක් මේ රටේ ඉන්න දරුවන්. ඒ දරුවන් බලාපොරොත්තු වන තම ගුරු දේවයන් හැටියට ඉන්න කණ්ඩායම මෙහෙයවනවා නම් කවුරුහරි කිහිප දෙනෙක්, මගේ විශ්වාසය මගේ දැනුම ඉතාමත් ම කාලකණ්ණි කණ්ඩායමක් හැටියට මම සලකන්නේ. සමාවෙන්න මේ වචනේ පාවිච්චි කළාට,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.