ගෘහස්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඊයේ වෘත්තිය සමිති සංගම් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කළේ.

කොවිඩ් ආසාදිතව මියයන පිරිසෙන් 86 %ක් පමණ විවිධ සංකූලතා සහිත පිරිස් බවත්, ඉන් 12% ක් පළමු එන්නත පමණක් ලබා ගෙන ඇති බවත්, අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මියගිය අයගෙන් එන්නත් දෙකම ලබාගෙන ඇති පිරිස 2.5% ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් ද, විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බවයි සඳහන් කළේ.