කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද(17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

මේ තත්ත්වය තුළ ප්‍රභේදය කොහෙද තියෙන්නේ කියන එක නම් හිත හිතා ඉන්න දෙයක් නෑ. අපිට වැඩ කරන්න වෙන්නේ මේ සියලු ප්‍රභේදයන් අපිට කවදා හරි එයි කියලා. ඒ පරිමාණයෙන් තමයි සෞඛ්‍ය අංශ කටයුතු කරන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ විවිධ දේවල් නෑවිත් සිටියි කියලා නමුත් ඉතින් අපිට ඒවා ස්ථීර වශයෙන්ම කියන්න බෑ. ඒ ප්‍රභේදයන් එනවයි කියන එක නතර කරන්න ක්‍රමයක් කියලා එහෙම ස්ථීර ක්‍රමයක් නම් අපිට නැහැ. එක මතයක් තමයි සම්පුර්ණයෙන් වහන්න කියලා. සති 2 ක් වහන්න කියලා. අපි මාස ගාණක් වහලා තියලා ඇරියානේ. එතකොට මොකද්ද වෙන්නේ ලෝකෙත් එහෙමයි. රජයේ සේවකයෝ ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ කටිටියගේ වේතනය ලැබෙනවා. හැබැයි මේකේ ඉන්නවා ස්වයං රැකියා කරන උදවිය. ජීවිතය ගැටගහගන්න උදවිය. මේ කට්ටිය ගැන කවුරුත් වචනයක්වත් කතා කරන්නේ නෑ මෙතනදී.

ප්‍රශ්නය,

10.00 න් පස්සේ දාපු ඇඳිරි නීතිය ප්‍රයෝජනයක් නෑ කියලා බොහොමයක් කට්ටිය චෝදනා කරනවා?

පිළිතුර,
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

නෑ ඒකත් වටිනවා. මොකද එතකොට බීච් පාර්ටි නෑ. ඔය වාගේ දේවල් නතර වෙනවානේ. හැබැයි ඒක තමයි අපිට කරන්න පුළුවන් උපරිමේ තැන. ඊටත් එහා ගිහිල්ලා ඔය කියන විදියට කරන්න ගියොත් මේ රටේ මහ මං හිතන්නේ අපි හිතන්නේ නැති තැනකට තල්ලු වෙයි. ඉතින් ඒ නිසා පාලනය කරගන්න බලනවා. මේ මැද තැනකට ගෙනල්ලා පාලනය කරගන්න බලනවා.