ඉකුත් දින කෝපිකඩේ නාට්‍යයෙහි ගුරුවරුන්ට එරෙහිව විකාශය කළ කතාංගය හේතුවෙන් එහි රඟපෑමෙහි නිරත වූ තිලක් කුමාර රත්නායක මහතා ඉන් ඉවත් වීමට තීරණය කර ඇත.

මේ බව තම නිළ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයට පත්කරමින් ඒ මහතා කියා සිටියේ වසර 35ක් පුරාවට අයුක්තිය සහ අසාධාරණය වෙනුවෙන් කටයුතු කළ තමා, ඉකුත් දින විකාශය කළ කතාංගය හේතුවෙන් දැඩි ලෙස කළකිරීමට පත්වූ බවයි.

තිලක් කුමාර රත්නායක මහතා කෝපිකඩේ නාට්‍යය ආරම්භයේ සිටම එහි ‘සෝමසාද’ගේ චරිතයට පණ පෙවූ ජ්‍යෙෂ්ඨ රංගනවේදියෙකි.

එමෙන්ම එම මහතාගේ සමීපතම ආරංචිමාර්ග විසින් සඳහන් කර ඇත්තේ තිලක් කුමාර මහතා සහ ඔහුගේ බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

එම මහතා සහ ඔහුගේ බිරිඳ මේ වනවිට අදාල ප්‍රතිකාර ලබාගනිමින් නිරෝධායනයෙහි සිටිනු ලබනවා.