නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල හට සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරක් හිමිව තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස ඔහු පසුගියදා වැඩ භාරගත්තා.

කෙසේ නමුත්, රමිත් රඹුක්වැල්ලගේ පසුගිය ක්‍රියාකලාපය හේතුවෙන් මෙම පත්වීම සම්බන්ධව සමාජයෙන් විවිධ විරෝධතා මතුවෙමින් පවතිනවා.

2013 වසරේ ගුවන් යානයකදී බීමත්ව හැසිරුණු බවට රමිත් රඹුක්වැල්ලට චෝදනා එල්ල විය.

එමෙන්ම, 2018 මාර්තු මස 09වනදා රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වූයේ බීමත්ව රිය අනතුරක් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්ය