කඩවත වෙඩි තැබීමේ රියැදුරු පොලිස් අත්අඩංගුවට – විමර්ශන සඳහා කණ්ඩායම් දෙකක්.

කඩවතදී පොලිසිය ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමෙන් 16 හැවිරිදි දරුවකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ. ත්‍රිරෝද රථය පැදවූ බව කියන 17 හැවිරිදි තරුණයා කඩවත පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ. කඩවත මහකඩේ හන්දිය ආශ්‍රිත ප්‍රදේශයේදී ඔක්තෝබර් 31 වැනිදා පස්වරුවේ මෙම...