දෛනික ආසාදිතයින් 3,835ක් හා කොවිඩ් මරණ 195ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,010 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,835කි. මේ අතර ආසාදිතව සිටි 2,096ක් පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටවයෑමත් සමග සුවය ලැබු සමස්තය 320,810ක් දක්වා ඉහළගොස් ඇත. එමෙන්ම...