කඩකරුවන් කඩ වසා දමන්නේ රට අක්‍රීය කිරීමට යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පසුගිය දිනවල උද්ඝෝෂණ පවත්වන විට එයට එරෙහි වෙමින් වෙළඳසැල් වසා දැමීමට කටයුතු නොකළ වෙළඳසැල් හිමියන් අද කඩවල් වසා දමන්නේ රටේ ආර්ථිකය අක්‍රීය කිරීමට බවයි.

එමෙන්ම මෙසේ කටයුතු කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ අය යැයිද ඔහු චෝදනා කර සිටිනවා.

සෞඛ්‍ය පද්ධතියටද දරාගත නොහැකි අයුරින් රටේ කොවිඩ් තත්වය ව්‍යසනකාරී ලෙසට ව්‍යාප්ත වී ඇති බැවින් රට වසා දමන්නැයි මෙරට සෞඛ්‍ය අංශ දිගින් දිගටම ඉල්ලා සිටියත් රජයෙන් ඊට උදාසීන පිළිතුරු ලැබීම හමුවේ රජය රට වසාදමන තෙක් නොසිට තම තමන් ස්වයං නිරෝධායනයකට ලක්වන්නැයි සෞඛ්‍ය අංශ සහ රටේ වගකිවයුතු පාර්ශව රැසක් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ක්‍රියාත්මක වූ ප්‍රදේශ රැසක ජනතාව සිය ව්‍යාපාර ආදිය වසා දමමින් ස්වයං නිරෝධායනයට ලක්වන අයුරු දිවයින පුරාවට දැකගත හැකි විය.