රට වසා නොදමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වරක් ප්‍රකාශ කර ඇතැයි ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඊයේ (17) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ රට වසා දැමුවහොත් ඉන් රටේ ආර්ථිකයට දැඩි බැලපෑම් ඇතිවනු ඇති බවයි.

දෛනික වැටුප් ලබන පුද්ගලයින් මෙන්ම කෘෂිකර්මාන්තයට දැඩි හානි සිදුවයි හැකි බැවින් රට වසා නොදමා සංචරණ සීමා දැඩිකල යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එන්නත් ලබාදීම කඩිනම් කළ යුතු බවත් එන්නත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය ගතයුතු සෑම පියවරක්ම ගෙන ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර තිබෙනවා.