මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බර් 15 වන දා වන විට අවසන් කිරීමට තීරණය කර ඇති බව මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

අද (සැප්.11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර, ජනතාවට අඩු මිලකට භාණ්ඩ ලබා දීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බව මහමාර්ග අමාත්‍යවරයා‍ මෙහිදී ප්‍රකාශ කළේය.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ එහි විධායක ජනාධිපති ක්‍රමය හරහා මර්දනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 

මිනිස්සු මරයි උස්සයි උස්සලා කිඹුල්ලුන්ට කන්ඩ දෙයි. මැතිවරණ වේදිකාවේදී එතුමාට එල්ල වෙච්ච චෝදනා. ඒවා අමූලික බොරු. 

මේ හදිසි නීතිය ගෙනල්ල තියෙන්නේ මේ රටේ මුළු ලෝකය ම කොවිඩ් වසංගතයට මුහුණ දීලා තියෙන වෙලාවකදී මේ රටේ කළු කඩකාරයන් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන අධික මිල ගණන්වලට භාණ්ඩ විකිණීම හරහා තමයි මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. 

මර්දනයට නෙවෙයි, මිනිස්සුන්ට අඩු මිලට භාණ්ඩ ලබා දෙන වැඩපිළිවෙළට තමයි හදිසි නීතිය ගෙනල්ලා තියෙන්නේ.”