රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කිරීමට කල්පනා නොකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ නව කැළණි පාලමේ කොන්ක්‍රීට් කොටස් දෙක එකතු කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (10) එක්වෙමින්.

එසේ සිදුකරන දේශපාලන පක්ෂවලටද කිසිඳු අනාගතයක් නොමැති බවයි ඔහු පවසන්නේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු,

අපි දන්නවා විවිධ බාධක ඇති කරන්න හදනවා. අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කරන්න කල්පනා කරන්නෙ නෑ. බුද්ධිමත් දේශපාලන පක්ෂයක නායකයෙක් කවදාවත් උද්ඝෝෂණයකට උදව් කරන්න යන්නෙ නෑ අනුබල දෙන්නෙ නෑ.

මහා සංඝරත්නය සමහර පක්ෂවල, ඒ පක්ෂ නියෝජනය කරන මහා සංඝරත්නය ගෙනල්ලා පාරවල් වලට බස්සලා මේ කොවිඩ් එකෙන් බේරෙන්න හදන වෙලාවෙදි කොවිඩ් මර්දනය කරලා රට විවෘත කරලා මේ රටේ මිනිස්සුන්ගෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන වෙලාවෙදි මේ අහිංසක මිනිස්සු පාරට බස්සලා විනාශයක් වෙන දේවල්වලට ගිහිල්ලා අත ගහන්න එපා. ඒ ශාපයෙන් ඒ දේශපාලන පක්ෂවලට කවදාවත් ගොඩ එන්න හම්බෙන්නෙ නෑ කියන එක ඉතාමත්ම ආදරයෙන් මං මේ වෙලාවෙදි මතක් කරනවා”