අසාධාරණ ලෙස ගුරු සංගම් නායකයන් නිරෝධායනයට යොමු කිරීම හා ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක මූලිකත්වයෙන් සියලු ගුරු සංගම් අද (12) දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරිමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

අද දිනයේ සිට දින නියමයක් නොමැතිව සියලු ගුරුවරුන් මාර්ගගත (Online) ඉගැන්වීම් කටයුතු වලින්, විභාග අයදුම්පත් පිරවීමේ කරයුතුවලින් හා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථානවල කටයුතුවලින් ඉවත් වන බව සඳහන්.