බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් සිදුකළ චෝදනාවන් ඊයේ (04) දින රජයේ පාර්ශවයේ දැඩි විවේචනයට ලක්විය.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියා යැයි කියා අලුතින් කිසිවක් සිදු නොවන බවත් වත්මන් අමාත්‍ය මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂගේ අමාත්‍ය මණ්ඩලයක් නොව බැසිල් රාජපක්ෂ විසින් පත් කරන ලද්දක් බවත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ රජය අපහසුතාවයට පත් කිරීමට දරන උත්සහයන් සම්බන්ධයෙන් මැතිවරණයකදී ජනතාව විසින් පිළිතුරු දෙනු ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් හට රාජ්‍ය අමාත්‍යධූර පමණක් නොව කැබිනට් අමාත්‍යදූරද ලබා දී ඇති බවත් එම අමාත්‍යධූර බෙදාගැනීම පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් ඊට බැසිල් රාජපක්ෂ හෝ ජනාධිපතිවරයාගේ ලෙකම්වරයා ඈඳා ගැනීම අර්ථ විරහිත බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා