බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංග යෝජනාව අද (22) උදෑසන කථානායකවරයා වෙත භාරදී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එම යෝජනාව භාර දී ඇත.

කරුණු 10ක් පදනම් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළේය.