රජයට මුදල් නොමැති වන විට රු 5000 ලබා දීමට,මුදල් මුද්‍රණ යන්ත්‍රය මෙරට තිබෙන නිසා රජය වැළ නොකැඩී මුදල් මුද්‍රණය කරන බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා සදහන් කරනවා.

මෙම මුදල් මුද්‍රණය අවසානයේ ආර්ථිකයට ආ විට අවසානයේ රටේ මුදල් සැපයුම වැඩි වී රට විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරන බව එතුමා සදහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා සදහන් කරන්නේ සීනි බදු වංචාවෙන් රු මි 15 900ක් පමණ අහිමි වී ඇති නිසා එම අහිමි වූ බදු ආදායම පෙට්‍රල් බද්ධ හරහා ගෙවන නිසා අවසාන බර තල්ලු කරන්නේ මේ රටේ දුප්පත් මහජනතාව බවය.