මෙරට කිසිඳු පොහොර හිඟයක් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඇතැම් ප්‍රදේශවල පොහොර බෙදාදීමේ අඩුවක් පවතින අතර ඒ සඳහා සොයා බැලීමක් සිදු කරන බවයි ඒ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.