ආණ්ඩුව විසින් අද තමන්ගේ වල තවත් යටටම කපා ගත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත

කැඳවීම සම්බන්ධයෙන් තම අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා ,

“දැන් මිනිස්සුන්ට හාල් ගන්න නෑ, කිරිපිටි ගන්න නෑ, ගෑස් ගන්න නෑ. ආණ්ඩුවට මිනිස්සු තිත්ත කුණුහරපෙන් බනිනවා.

හරි දැන් ආණ්ඩුව කල්පනා කරනවා මොකක්හරි ඩ්‍රාමා එකක් කරලා මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න.

ඒවා අපි දකිනවානේ ආණ්ඩුව කොයි වෙලාවෙත් කරනවා. ඉතින් පාඨලී ඇමතිතුමා කියන්නේ අපේ ශක්තිමත් පුරුකක්

අපේ විපක්ෂ බලවේගයේ

ඉතින් එතුමාට කතා කරලා තියෙනවා අපබ්‍රංස චෝදනාවකට. එතුමා ඒකට අවශ්‍ය පිළිතුරු දීලා ඒවි.

ඔය කරන වැඩ වලින් ඇත්ත වශයෙන්ම අපේ විපක්ෂය ශක්තිමත් කරන එක තමයි සිද්ධ වෙන්නේ.

ඉතින් ආණ්ඩුව කරන්න ඕන දේ කරලා මිනිස්සුන්ගේ බනින එක අඩු කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට,

මේ කරන දෙයින් ඒගොල්ලොන්ගෙ වල තවත් යටට කපා ගන්න එක තමයි වෙන්නේ. “

පාඨලී කියන්නෙ අපේ ශක්තිමත් පුරුකක්