සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමත් සමගින් සහල් මිල ඉහළ යෑම වැඩි ඉඩක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඒ අනුව දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව තුළ නාඩු කිලෝවක් රුපියල් 150ක් දක්වා මිල වැඩිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

“සහල් මිල පාලනය ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ්‍ය කරලා. ඉතින් සහල් මිල පාලනයට පැනවූ හදිසි නීතියට හා හමුදා පාලනයට මොකද වුණේ? හමුදාවට වෙළඳපොළ පරාජය කරන්න බෑ කියලා මම කොපමණ සැරයක් කිව්වද ? දැන් ප්‍රමාද වැඩියි. දෙසැම්බරයේදී නාඩු කිලෝව 150ක් වෙනවා. එකම විසඳුම මගේ ‘ශක්ති’ වැඩසටහනයි”