අද CID යට කැඳවන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත හෙළිදරව් කළ අය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා සමග CIDයට පැමිණි අවස්ථාවේදීය.

” එදා CID ගෙනාවේ හොරකම් කරපු අය,මංකොල්ල කාපු අය,ආණ්ඩුවේ සල්ලි වලින් කොමිස් ගහපු අය,මිණීමරපු අය.අද වෙනස තියෙන්නේ අද මේ පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් වෙනකොට මේක වහගන්න ,මේක වෙන තැනකට ගෙනියන්න ඇත්ත කියන මිනිස්සුන්ගේ කටවල් වහන්න වැඩපිළිවෙළක් තමයි මේ තියෙන්නේ”

“කවුරු හරි හිතනවනම් පාඨලී චම්පික රණවක මහත්තයව CIDයට එහාට මෙහාට දෙතුන් පාරක් ගෙන්නලා එතුමාගේ කට වහන්න,අපිව මේක ඇතුළට ගෙන්නලා අපේ කටවල් වහන්න,ආණ්ඩුවට වැරදිච්ච තැන එතන තමයි කියලා අපි මුලින් කියනවා.”