සිය ව්‍යාපාරික සහ තාක්ෂණික රහස් සොරකම් කළ බවට චෝදනා කරමින් OpenAI සමාගම, Apple සමාගමට එරෙහිව 2026 නොවැම්බර් 27 වැනිදා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයක් හමුවේ ප්‍රතිහිමිකම් ගොනු කර ඇති බව Reuters වාර්තා කරයි.

OpenAI සමාගමේ නව උපාංග සැලසුම් සහ අනාගත දෘඩාංග නිෂ්පාදන සැලසුම් පිළිබඳ තොරතුරුවලට ප්‍රවේශ වී සිටි හිටපු සේවකයකු Apple සමාගම විසින් යළි සේවයට බඳවා ගෙන ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම, OpenAI සමාගමේ අනාගත තාක්ෂණික උපාංග නිෂ්පාදනය සඳහා සහාය ලබා දීමෙන් වළකින ලෙස දෘඩාංග සැපයුම්කරුවන්ට Apple සමාගම බලපෑම් කර ඇති බව OpenAI පවසයි. කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් බල ගැන්වෙන තරගකාරී පාරිභෝගික උපාංග නිෂ්පාදනය කිරීමේ සිය වැඩපිළිවෙළට බාධා කිරීම එහි අරමුණ වී ඇති බවටද එම සමාගම චෝදනා කරයි.

මීට පෙර Apple සමාගම සිය සේවකයන් බඳවා ගැනීම හරහා ව්‍යාපාරික රහස් නීතිවිරෝධී ලෙස ලබා ගත් බවට චෝදනා කරමින් OpenAI සමාගමට සහ Tang Tan, Chang Liu යන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා තිබූ බව වාර්තා වේ. මේ අතර, Apple සමාගමේ සේවා නියුක්ති පිළිවෙත් මඟින් සේවකයන් තරගකාරී සමාගම්වල තාක්ෂණික සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වීම වැළැක්වීමට උත්සාහ කරන බවටද OpenAI සමාගම අධිකරණය හමුවේ චෝදනා කර ඇත.