රාජපක්ෂ පවුලේ කිසිම සාමාජිකයෙකුට මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයා නොහැකි බව පා.ම පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා.

“බැසිල් රාජපක්ෂ මහත්තයා ආර්ථිකය සම්බන්ධයෙන් කාර්ය සාධන බලකායන් රැසක හිටියනේ. ලගදි අර නැවක් ගිනිගත්තේ. ගින්න නිමන්න හැදුවා බැරි උනානේ. නැව ඇදගෙන යනකොට දෙකට කැඩිලා ගිලුණා. බැසිල් රාජපක්ෂට වෙන්නෙත් ඒක. මේ ආර්ථිකය ගොඩගන්න රාජපක්ෂ පවුලේ අයට බෑ. ඒකට හේතුව මේකට වගකියන්න ඕන එතුමන්ලා. “

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්ද එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කල අතර එහිදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

“අපිට දරුවෝ ඉන්නවෙනේ. මගෙ එක දරුවෙක් විශ්ව විද්‍යාලයේ ඉන්නවා. අනික් දරුවා උසස් පෙළ ලියලා විශ්ව විද්‍යාලයේ යන්න බැරුව ඉන්නවා. මේ රටේ තව දරුවෝ දහස් ගාණක් ගෙවල් වල ඉන්නවා. දරුවෝ ඉන්න අම්මලා තාත්තලා දන්නවා මොකක්ද වෙමින් තියෙන්නේ කියලා. ජාතිය ඇමතීමේ කතාව විනාඩි 69 හැම නාලිකාවකම ගෙනිච්චනේ. ඇයි එතුමට බැරි රටේ හතලිස් දෙලක්ෂයක් පාසල් දරුවො වෙනුවෙන් මේ රූපවාහිනී නාලිකා වල උදේ පාන්දර පහේ ඉදලා දහය වෙනකන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපකරන්න? මේ සංඛ්‍යාත අයිති රටට. එහෙම කලා නම් ගස් උඩ ඉදන් ගල් උඩ ඉදන් දරුවො දුක් විදින්න ඕන නෑනේ. ස්මාර්ට් ෆෝන් එකක් නැත්නම්, ඩේටා නැත්නම්, සිග්නල් නැත්නම් දරුවන්ට අධ්‍යාපනය නෑනේ. මේ සෙල්ලමට අවුරුදු එකහමාරට වැඩියි. මම ගමකින් ආපු මනුස්සයෙක්. මගෙ සීයා ගොවියෙක්. තාත්තා ලිපිකරුවෙක්. ඒ කාලේ රාජපක්ෂලගේ මේ ප්‍රතිපත්තිය තිබ්බ නම් මට ඉංජිනේරුවෙක් වෙන්න බැහැ”