වසර 12ක් අඛණ්ඩව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බෙන්ජමින් නෙතන්යාහුට පාලන බලය අහිමි වී තිබේ. ඒ ඊශ්‍රායල නව සභාග රජය, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය ලබා ගැනීමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විපක්ෂ දේශපාලන කණ්ඩායම් 8කින්යුත් සන්ධානය මෙම නව ආණ්ඩුව පිහිටුවා ඇති බවයි. මේ අනුව ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස දක්ෂිණාංශික යමිනා පක්ෂයේ ප්‍රධානී නෆ්තාලි බෙනට් ලැපිඩ් දිවුරුම් දී තිබේ. ඒ 2023 වසර සඳහායි. ඉන් අනතුරුව තවත් වසර දෙකක් සඳහා යෙෂ් ආටීඩ් පක්ෂයේ නායක යාර් ලැපිඩ් පත්වීමට නියමිතයි.

1996 සිට 1999 වසර දක්වා, පළමුවරට බෙන්ජිමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ අගමැති ධුරය හොබවා තිබේ. පසුව ඔහු 2009 සිට මේ දක්වා වසර 12ක කාලයක් අඛණ්ඩව ඊශ්‍රායලයේ පාලන බලය හෙඹවී ය. මේ අතර නව අගමැතිවරයා ලෙස පත් වූ නෆ්තාලි බෙනට් ට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය සුබ පැතුම් එක්කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.