රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් සමග සාකච්ඡාව සඳහා පැමිණි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් නතර වී සිටි හෝටලයේ බිල ඩොලර් බිලියන 1.2 ක් බව ස්විට්සර්ලන්තයේ මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ Intercontinental හෝටලයේ ඉහළ මාලයේ කාමරය බයිඩන් විසින් වෙන් කරගෙන තිබුණා.

රාජ්‍ය නායකයන් දෙදෙනා සාකච්ඡා කළ ස්ථානය අවට කිලෝමීටර් 2 ක ප‍්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් සහ හමුදා භටයන් 4000 ක් යොදවා තිබූ බව ද එරට මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.