සංචරණ සීමා නොතකමින් හෙරොයින් මත් ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුන’ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මස්සිනා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමඟ එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුන මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක කළමණාකරුවෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් දහයක්, රුපියල් ලක්ෂ 25 ක මුදලක් සහ රුපියල් ලක්ෂ පහළොවක් වටිනා පවුම් 12ක රත්රන් ද සොයාගෙන ඇත.

සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.